නිදහස් අධ්‍යාපනය
උඹ ඉපදෙනකොට උබට හරියට කන්න ටික දෙන්නවත් උබලගෙ ගෙදර උන්ට පුලුවන්කමක් තිබුනෙ නෑ. උඹේ බරත් අඩුයි. උඹට මාසයක් ගානෙ ත්‍රිපෝෂ පැකට් දෙකක් දුන්නෙ ඒ හින්ද. උඹට වයස හතර පනිනකම්ම උඹලගෙ අම්ම කිරි ටික දුන්නෙ ගෙදර වත්තෙන් ගලවගත්තු අල බතල ටිකට සමෘධි කූපනේට සමූපකාරෙන් ගෙනාපු කරෝල කෑල්ලක් හොදි හදල කාල. එහෙම කරල උඹට පහ පිරෙනකොට උඹලගෙ අප්පච්චි උඹව ගමේ ස්කොලෙට දැම්ම. දෙයියන්ගෙ පිහිටෙන් ඒ දවස්වල උඹට හොදට ඉගෙනගන්න පුලුවන්. අවුරුද්ද මුලම හම්බුන සුදු රෙදි කෑල්ලෙන් ලස්සන කමිසයක් මහල ඉස්කොලෙන් දුන්න අලුත්ම පොත්ටිකත් පංමල්ලට දාගෙන උඹ අප්පච්චිගෙ අතේ එල්ලිල ඉස්කොලෙට ගියෙ චන්ඩිය වගේ. මාස දෙක යනකොට උඹේ සුදු ඇඳුම් සේරම කන පාට වෙලා ගිහින්. අලුත්ම පොත්ටික ලබන අවුරුද්දෙ තව එකෙකුට පාවිච්චි කරන්න බැරි තරමටම ජරා වෙලා ගිහින්. උඹ පිලිවෙලකට ඉස්කොලෙ එන්නෙ නෑ, පොත් ටික පරිස්සම් කරන්නෙ නෑ කියල පන්තියෙ ටීචර් දවස් දෙක තුනක්ම උඹට කෝටුපාර දුන්න උබට මතකද මංද? උඹලගෙ අම්මටත් ඒ දවස්වල උඹ ගැන හොයන්න බලන්න වෙලාවක් තිබුනේ නෑ වැඩිය. උඹේ තනියට උඹට තව නංගියෙක් ගේන්න අම්ම මග බලන් හිටියේ. උඹ පහවසරට යනකම්ම පන්තියෙ පලවෙනිය. උඹ ශිෂ්‍යත්ව විභාගෙ...