දිව්‍ය විමානය
විසි එකවන සියවසේ කුප්පි ලාම්පුවෙන් පාඩම් කරපු උන්, පොල්කටු ඉස්තිරික්කෙන් සුදු රෙදි මැදපු උන්, අතේ ඇගිලි තරමටය. ඉටිපන්දමට වඩා එය ගොඩක් එලිය ගෙන දුන්නේය. පොල්කටු අගුරු කෑල්ලකට පොඩ්ඩක් පිච්චුණු කමිසය, දැලි අගුරු පොඩ්ඩක් තැවරුනත්, හරි මැදින් රෙදි වැලේ පාර හිටපු, කහ ගැහුනු කමිසයට වඩා ලස්සනය. සති අන්තයම ඇලේ දොලේ, වෙලේ කෙලි දොලෙන් ගෙවීගොස් එලඹෙන ඉරිදා සැදෑව මනරම්ය. අව්වේ වේලාගත් සුදු කමිස දෙකත්, ඉලස්ටික් කෑල්ලක් දැමූ නිල් කලිසමත් අයියාගේ සුදු කලිසමත් එකතුකරගත් අම්මා, පන් පැදුර සාලයේ ඉඩ ඇති තැනක එලා, එය මතට ඇද ඇතිරිලි දෙකක් දමා චිමිණි ලාම්පුව ඒ අසලටම ගත්තාය. දැලි තැවරුණු සුදු කමිසය කැත නැතත්, ඇයට සැමදාමත් එය කල නොහැකි නිසා වැඩි කල් නොගොස් එය උගේ වගකීමක් බවට පත්කරගැනිණි. වයස හතරක් වන විට සැතැපුමක්ම තනිවම පයින් පෙරපාසලට ආව ගියේ, ලොකු පොලිසී තිබුණු උබලගෙ කොලඹට වඩා, උගේ ගම උට ආරක්ෂිත වූ නිසවෙනි. කලාතුරකින් මුණගැහුනු ටාටා බස් එක චිත්‍ර පොතේ ...