අම්මා


ඔයාගෙ චිත්‍රය තරම් මගෙ චිත්‍රය ලස්සන නෑ තමයි.ඔයාගෙ චිත්‍රයට තියනව හරි අපූරු පිරිච්ච බවක්.කැරකෙන පුටු, විදුලි පන්කා, හරිම තාත්විකයි ඒව.එතකොට මේ ඔයාගෙ අම්ම වෙන්න ඇති.උසටම ගැලපෙන මහතක් තියන සුදුවට ඉන්න ඇය නිසා,කතාව තවත් ලස්සන වෙලා...
එතකොට මගේ කතාව,තනිකරම තේ වත්තක් විතරයි,
ඔයාට පේනවද මෙතන පුංචි ගෑනු කෙනෙක් ඉන්නව..කෙට්ටුවට තියෙන ඒ ඇගටපැන්සලෙන්වත් මස් දාන්න හිතුනෙ නෑ මට,පැන්සලෙන් අදිද්දි සුදුපාටට තිබිල,පස්සෙ මං පැන්සලෙන් කලුපාට ගෑවම කැත උනාටඒ තමයි මං මේ ලෝකෙ දැකපුලස්සනම ගෑනු කෙනා,ඒ මගේ අම්මා....
-- සම්පත් උඩදුම්බර --

Comments