දිව්‍ය විමානය
විසි එකවන සියවසේ කුප්පි ලාම්පුවෙන් පාඩම් කරපු උන්, පොල්කටු ඉස්තිරික්කෙන් සුදු රෙදි මැදපු උන්, අතේ ඇගිලි තරමටය. ඉටිපන්දමට වඩා එය ගොඩක් එලිය ගෙන දුන්නේය. පොල්කටු අගුරු කෑල්ලකට පොඩ්ඩක් පිච්චුණු කමිසය, දැලි අගුරු පොඩ්ඩක් තැවරුනත්, හරි මැදින් රෙදි වැලේ පාර හිටපු, කහ ගැහුනු කමිසයට වඩා ලස්සනය.
සති අන්තයම ඇලේ දොලේ, වෙලේ කෙලි දොලෙන් ගෙවීගොස් එලඹෙන ඉරිදා සැදෑව මනරම්ය. අව්වේ වේලාගත් සුදු කමිස දෙකත්, ඉලස්ටික් කෑල්ලක් දැමූ නිල් කලිසමත් අයියාගේ සුදු කලිසමත් එකතුකරගත් අම්මා, පන් පැදුර සාලයේ ඉඩ ඇති තැනක එලා, එය මතට ඇද ඇතිරිලි දෙකක් දමා චිමිණි ලාම්පුව ඒ අසලටම ගත්තාය. දැලි තැවරුණු සුදු කමිසය කැත නැතත්, ඇයට සැමදාමත් එය කල නොහැකි නිසා වැඩි කල් නොගොස් එය උගේ වගකීමක් බවට පත්කරගැනිණි.
වයස හතරක් වන විට සැතැපුමක්ම තනිවම පයින් පෙරපාසලට ආව ගියේ, ලොකු පොලිසී තිබුණු උබලගෙ කොලඹට වඩා, උගේ ගම උට ආරක්ෂිත වූ නිසවෙනි. කලාතුරකින් මුණගැහුනු ටාටා බස් එක චිත්‍ර පොතේ හැම පිටුවකම සිතුවම් උනේ, කලාතුරකින් බසයකට ගොඩ වුනු නිසාවෙන්ම නොවේ.
නොතේරෙන කිරිසප්පයා උරා බීපු අයිස් පැකට්, හැමදාමත් ඇවිදගිය පාර පුරා දමන්නට ඇතත්, පාරට අතු බරව සෙවන සැදූ ගහ කොල දිවි මෙන් රකින්නට උට ගම කියාදුන්නේය. ගුණ ධර්ම මිටියක් මිටින් ගෙන කොළොම්තොට අහස් යටට වැදුනු උට, තවමත් උබලාගේ බොරු ආටෝප දිරවන්නේ නැත.
ක්ලෝරීන් රසට වඩා ඒ වතුර මාරම රසය. බාත් රූම් එකේ ශවර් එකට වඩා දිය පීල්ලෙන් කඩාහැලෙන වතුර සිසිලසය. කොලොන්නාවට, බ්ලූමැන්ඩල් වලට වඩා වැල වරකා කුණුවී ගිය තැන සුවදවත්ය. බැස්ටියන් මාවතේ වැසිකිලියට වඩා උගේ ගෙදර එක ලස්සනය.
පීස, කොත්තු, වලට වඩා කොස් දෙල්, අල බතල මයියොක්කා ගොඩක් රස බව ඌ තවමත් දන්නේය. කලිසමට වඩා සරම අපූරු සරල ඇදුමකි. උබලා උජාරුවට වෙඩිමට අදින සරම, ඌ හේනට වගේම පන්සලටත් ඇන්දේය.
රෝද දෙකෙන් ගිය උන්, ඇල්ටො, ඇක්ව, ප්‍රාඩො, බෙන්ස් ගත්තේ ඉක්මනට යන්න උවමනා නිසාමදැයි උගේ හිත තවමත් අසන පැනයකි. පැය ගනන් පාරේ තපින, කොළඹ දුම් කෝඩයට වඩා, පයින් ඇවිදගිය මාවතේ හමා ආ සිසිල් සුලං මනස්කාන්තය.
උගේ ගමේ මහසෝනා ගසා අකාලයේ මැරුණ සිරිදාසගේත්, බම්බලපිටියේ කහ ඉර උඩ චප්ප චොරොස්වීගිය ටයි පොල්ලක් දමාගත් එකාගෙත් මරණයේ මහ ලොකු වෙනසක් නොමැත්තේය. උගේ ගමෙන් කොළඹ පැනපු උන් ගමට එවපු ලොකු ෆෝන්, තඩි ටීවී ගම විනාස කලේය. ඉරිසියාකාරයන්, කුහකයන් ගමට බෝකලේය. රා මුට්ටියට නීති පනවා අයිස්, කුඩු ගමට එවීය. තොගේ කොලඹ නොතිබෙන්න උගේ ගම තවමත් ලස්සනය...

Comments
Post a Comment