Posts

නිදහස් අධ්‍යාපනය

Image
උඹ ඉපදෙනකොට උබට හරියට කන්න ටික දෙන්නවත් උබලගෙ ගෙදර උන්ට පුලුවන්කමක් තිබුනෙ නෑ. උඹේ බරත් අඩුයි. උඹට මාසයක් ගානෙ ත්‍රිපෝෂ පැකට් දෙකක් දුන්නෙ ඒ හින්ද. උඹට වයස හතර පනිනකම්ම උඹලගෙ අම්ම කිරි ටික දුන්නෙ ගෙදර වත්තෙන් ගලවගත්තු අල බතල ටිකට සමෘධි කූපනේට සමූපකාරෙන් ගෙනාපු කරෝල කෑල්ලක් හොදි හදල කාල. එහෙම කරල උඹට පහ පිරෙනකොට උඹලගෙ අප්පච්චි උඹව ගමේ ස්කොලෙට දැම්ම. දෙයියන්ගෙ පිහිටෙන් ඒ දවස්වල උඹට හොදට ඉගෙනගන්න පුලුවන්. අවුරුද්ද මුලම හම්බුන සුදු රෙදි කෑල්ලෙන් ලස්සන කමිසයක් මහල ඉස්කොලෙන් දුන්න අලුත්ම පොත්ටිකත් පංමල්ලට දාගෙන උඹ අප්පච්චිගෙ අතේ එල්ලිල ඉස්කොලෙට ගියෙ චන්ඩිය වගේ. මාස දෙක යනකොට උඹේ සුදු ඇඳුම් සේරම කන පාට වෙලා ගිහින්. අලුත්ම පොත්ටික ලබන අවුරුද්දෙ තව එකෙකුට පාවිච්චි කරන්න බැරි තරමටම ජරා වෙලා ගිහින්. උඹ පිලිවෙලකට ඉස්කොලෙ එන්නෙ නෑ, පොත් ටික පරිස්සම් කරන්නෙ නෑ කියල පන්තියෙ ටීචර් දවස් දෙක තුනක්ම උඹට කෝටුපාර දුන්න උබට මතකද මංද? උඹලගෙ අම්මටත් ඒ දවස්වල උඹ ගැන හොයන්න බලන්න වෙලාවක් තිබුනේ නෑ වැඩිය. උඹේ තනියට උඹට තව නංගියෙක් ගේන්න අම්ම මග බලන් හිටියේ. උඹ පහවසරට යනකම්ම පන්තියෙ පලවෙනිය. උඹ ශිෂ්‍යත්ව විභාගෙ

දිව්‍ය විමානය

Image
              විසි එකවන සියවසේ කුප්පි ලාම්පුවෙන් පාඩම් කරපු උන්, පොල්කටු ඉස්තිරික්කෙන් සුදු රෙදි මැදපු උන්, අතේ ඇගිලි තරමටය. ඉටිපන්දමට වඩා එය ගොඩක් එලිය ගෙන දුන්නේය. පොල්කටු අගුරු කෑල්ලකට පොඩ්ඩක් පිච්චුණු කමිසය, දැලි අගුරු පොඩ්ඩක් තැවරුනත්, හරි මැදින් රෙදි වැලේ පාර හිටපු, කහ ගැහුනු කමිසයට වඩා ලස්සනය.              සති අන්තයම ඇලේ දොලේ, වෙලේ කෙලි දොලෙන් ගෙවීගොස් එලඹෙන ඉරිදා සැදෑව මනරම්ය. අව්වේ වේලාගත් සුදු කමිස දෙකත්, ඉලස්ටික් කෑල්ලක් දැමූ නිල් කලිසමත් අයියාගේ සුදු කලිසමත්  එකතුකරගත් අම්මා, පන් පැදුර සාලයේ ඉඩ ඇති තැනක එලා, එය මතට ඇද ඇතිරිලි දෙකක් දමා චිමිණි ලාම්පුව ඒ අසලටම ගත්තාය. දැලි තැවරුණු සුදු කමිසය කැත නැතත්, ඇයට සැමදාමත් එය කල නොහැකි නිසා වැඩි කල් නොගොස් එය උගේ වගකීමක් බවට පත්කරගැනිණි.                 වයස හතරක් වන විට සැතැපුමක්ම තනිවම පයින් පෙරපාසලට ආව ගියේ, ලොකු පොලිසී තිබුණු උබලගෙ කොලඹට වඩා, උගේ ගම උට ආරක්ෂිත වූ නිසවෙනි. කලාතුරකින් මුණගැහුනු ටාටා බස් එක චිත්‍ර පොතේ හැම පිටුවකම සිතුවම් උනේ, කලාතුරකින් බසයකට ගොඩ වුනු නිසාවෙන්ම නොවේ.                නොතේරෙන කිරිසප්පයා උරා බීපු අයි

අම්මා

Image
ඔයාගෙ චිත්‍රය තරම් මගෙ චිත්‍රය ලස්සන නෑ තමයි. ඔයාගෙ චිත්‍රයට තියනව හරි අපූරු පිරිච්ච බවක්. කැරකෙන පුටු, විදුලි පන්කා, හරිම තාත්විකයි ඒව. එතකොට මේ ඔයාගෙ අම්ම වෙන්න ඇති. උසටම ගැලපෙන මහතක් තියන සුදුවට ඉන්න ඇය නිසා, කතාව තවත් ලස්සන වෙලා... එතකොට මගේ කතාව, තනිකරම තේ වත්තක් විතරයි, ඔයාට පේනවද මෙතන පුංචි ගෑනු කෙනෙක් ඉන්නව.. කෙට්ටුවට තියෙන ඒ ඇගට පැන්සලෙන්වත් මස් දාන්න හිතුනෙ නෑ මට, පැන්සලෙන් අදිද්දි සුදුපාටට තිබිල, පස්සෙ මං පැන්සලෙන් කලුපාට ගෑවම කැත උනාට ඒ තමයි මං මේ ලෝකෙ දැකපු ලස්සනම ගෑනු කෙනා, ඒ මගේ අම්මා.... -- සම්පත් උඩදුම්බර --